Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2018 12:47:10 Hours

නුඳුරේ දී විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 85 දෙනෙකු වෙත NVQ 3 සහතිකපත්

සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (CAVT) මගින් පවත්වනු ලැබු ඇලුමිනියම් වැඩ, ගෘහස්ථ විදුලි රැහැන් ඇඳීම සහ විද්‍යුත් හා විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයන් 83 ක් ඇතුළු සිවිල් සිසුන් දෙදෙනෙකු වෙත ද සහතිපත් ප්‍රදානය සිකුරාදා (22) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරනු ලැබීය.

මෙම පාඨමාලාව සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (SLVTA) සිය සම්පත් දායකත්වය ලබාදුන් අතර, පාඨමාලා ලාභීන් වෙත ජාතික නිපුණතා සම්මතය (NVQ) 3 වන මට්ටමේ සහතික පත්‍රයක් ද හිමි විය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ දී මාස 6 ක කාලයක් පූරාවට පැවති මෙම පාඨමාලාවන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (SLVTA) ප්‍රමිතීන්ට අනුකුල පවත්වනු ලැබීය.

මෙම සහතිකපත් ප්‍රධානෝත්සවයේ දී පළමු අඩවසරේ මූලික වෘත්තීය පුහුණුව සාර්ථකව හැදෑරු සිවිල් සිසුන් 17 දෙනෙකු ඇතුළු නුඳුරේදි සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 83 දෙනෙකු වෙත මෙහිදි සහතික පත් පිරීනමනු ලැබීය.

මෙම සහතිකපත් ප්‍රධානොත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව් කුමරප්පේරුම, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ශෂික පෙරේරා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අනුරාධපුර ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එච්.පී.ඩබ්ලිව්. රොෂාන් ප්‍රියන්ත සහ ප්‍රධාන උපදේශක ඇතුළු සහතිකපත්ලාභි යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සිසුන් සහභාගි විය.

Adidas footwear | Nike