Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2018 16:23:49 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරු සෙබළුන් 166 දෙනෙකු විසිරයති

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 63 සාර්ථකව හැදෑරු නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 156 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය පසුගියදා පැවති අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහභාගි වුහ.

මෙහිදී සෑම අතින්ම දක්‍ෂතම නිලධාරි වශයෙන් 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කරමින් ලුතිනන් ඩී.බී.අයි.යු දන්දෙණිය හා සෑම අතින්ම දක්‍ෂතම සෙසුනිලයා ලෙස 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කරමින් කෝප්‍රල් ඩි.එම්.පී.බී විජේරත්න කුසලාන හිමි කරගන්නා ලදී.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ජේ සෙනෙවිරත්න විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

Sports brands | Nike Shoes