25th June 2018 14:35:47 Hours
ජාත්‍යන්තර ඕලිම්පික් දිනයට සමගාමීව ජූනි මස (23) දින ශ්‍රී ලංකා ඕලිම්පික් සංගමය විසින් නුවරදී සංවිධානය කරනු ලැබු ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 179 ක් සහභාගි විය.
සංවිධායක කමිටුව විසින් යුද්ධ හමුදාධිපති තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් මේ සඳහා සහභාගි වූ අතර මෙම ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ බෝගම්බර ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී ගැටඹේ ක්‍රීඩාංගනයෙන් අවසන් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් මේ සඳහා සහභාගි විය.
මෙම ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ සඳහා සහභාගි වූ සියලුදෙනාට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමන් එක්ව සිටියහ.
Sports Shoes | Women's Nike Superrep