2018-08-01 10:17:40
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (26) දින දියත් කරනු ලැබීය.
2018-08-01 10:05:54
බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් 51 දෙනෙකුට වැඩි පිරිසක් මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය, ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් වැසියන් සමඟ එක්ව බණ්ඩාරවෙල නගරය සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (20) දින දියත් කරනු ලැබීය.
2018-08-01 09:50:04
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ජලභිතිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (31) දින පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-08-01 09:45:04
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, රෙජිමේන්තු මූලස්ථාන, ඒකක සහ පුහුණු පාසල්හි සේවයේ නියුතු සියලුම නිලයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මුලික පරිගණක පුහුණු පාඨමාලා අධියර III ජූනි මස 28 සිට ජූලි මස 31 දින දක්වා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පුස්තකාලයේ දී පවත්වනු ලැබීය.
2018-08-01 09:00:04
නුවර, ලේවැල්ල ප්‍රදේශයේ ගංගාරාම විහාරයේ සෙනසුරාදා (28) දින පැවැති ශ්‍රමදාන වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් 2 ක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 27 දෙනෙකු සිය සහයෝගය ලබාදෙනු ලැබීය.
2018-08-01 08:38:04
2018-07-31 17:15:28
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු බැතිමතුන් 1300 ක පමණ සහභාගිත්වයෙන් ඇසළ පොහෝ දින (27) පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සීල සමාදාන වැඩසටහනක් පවත්වන ලදි.
2018-07-31 06:51:55
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කිලිනොච්චි නගරාසන්නයේ පිහිටි වන්නෙරිකුලම් මුලික රෝහලේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයේ වාට්ටු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහාය දැක් වූ අතර, නැවත එය සෙනසුරාදා (28) දින වෛද්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදි.
2018-07-30 19:07:35
බුදු දහම නගාසිටුවීම සඳහා සිදුකළ සේවාවන් අගය කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල හට අමරපුර නිකායේ ශ්‍රී ලංකා අමරපුර ආරියවංශ සද්ධම්ම සභාව විසින් ‘සුගතසාසන ජනජයසදන සමග්රාශ්රී’ ගෞරව නාමය පිරිනැමීම ඇසළ පොහෝ දින (27) පොළොන්නරුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවය අතරතුර දී සිදුවිය.
2018-07-30 16:07:35
හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පාසල් බලධාරීන්ගේ සහ තරුණ සමාජයන්හි ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (27) දින හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ‘නායකත්ව’ සහ ‘ශාරීරික පුහුණු’ වැඩමුළුවක් පැවැත් වූ අතර, ඒ සඳහා ග්‍රාම සේවා කොට්ඨාශ 11 ක තරුණ තරුණියන් 130 කට වැඩි පිරිසක් සහභාගි වූහ.