Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2018 06:51:55 Hours

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද රෝහල් වාට්ටු නිළ වශයෙන් භාරදෙයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කිලිනොච්චි නගරාසන්නයේ පිහිටි වන්නෙරිකුලම් මුලික රෝහලේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයේ වාට්ටු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහාය දැක් වූ අතර, නැවත එය සෙනසුරාදා (28) දින වෛද්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදි.

වෛද්‍ය බලධාරීන් යුද්ධ හමුදාව වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රෝහලේ වාට්ටු කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත භට පිරිස් හි සහයෝගය ලබාදෙනු ලැබීය.

661 වන සහ 663 වන බලසේනාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් ඉදිරියේ මේජර් ජෙනරාල් රණවන, එම ප්‍රතිසංස්කරණය කරන ලද වාට්ටු වන්නෙරිකුලම් රෝහලේ රෝගීන් වෙනුවෙන් නිළ වශයෙන් භාරදෙන ලදි. Best Authentic Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify