01st August 2018 09:45:04 Hours
බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, රෙජිමේන්තු මූලස්ථාන, ඒකක සහ පුහුණු පාසල්හි සේවයේ නියුතු සියලුම නිලයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මුලික පරිගණක පුහුණු පාඨමාලා අධියර III ජූනි මස 28 සිට ජූලි මස 31 දින දක්වා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පුස්තකාලයේ දී පවත්වනු ලැබීය.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ ඔරියන්ට් ඇකඩමි පුද්ගලික සමාගමේ පුර්ණ සම්බන්ධිකරණයෙන් පැවැති මෙම පරිගණක පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩයමක් සහභාගි විය. පාඨමාලාවේ සමාප්ති උත්සවය බ්‍රහස්පතින්දා (31) දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජිනේන්ද්‍ර තන්තිරිවත්ත සහභාගි විය.
මෙහිදි පාඨමාලාවේ දක්‍ෂතම සිසුන් තිදෙනා වෙත පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. Best jordan Sneakers | jordan Release Dates