Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2018 10:17:40 Hours

කිලිනොච්චි භට පිරිස් විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (26) දින දියත් කරනු ලැබීය.

පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 30 කට අධික පිරිසක් සහභාගි විය.

මීට අමතරව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් අක්කරායන්කුලම් මුලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබීය. Nike Sneakers | adidas Yeezy Boost 350