Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2018 10:05:54 Hours

බණ්ඩාරවෙල පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා මධ්‍යම භට පිරිස්හි සහය

බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් 51 දෙනෙකුට වැඩි පිරිසක් මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය, ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් වැසියන් සමඟ එක්ව බණ්ඩාරවෙල නගරය සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (20) දින දියත් කරනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුත් යුද්ධ හමුදා සාමාජිකයින් ක්‍රියාශිලීව මෙම වැඩසටහන සඳහා දායක විය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම තුළින් ඩෙංගු අවදානම අවම කරගැනීමට හැකි වේ. Best Sneakers | New Balance 991 Footwear