01st August 2018 08:38:04 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ අභිමානවත් 21 වන සංවත්සර සැමරුම් උත්සවය ජූලි මස 22 සහ 23 දිනයන්හි 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භට පිරිස් විසින් පවත්වනු ලැබීය.
ඒ අනුව, සංවත්සර වැඩසටහන් මාලාව ආරම්භ කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් හට සෙත් පැතීම හා රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් වෙනුවෙන් පිං පැමිණවීම සඳහා විශේෂ ‘අශීර්වාද පූජාවක්’ පවත්වන ලදී.
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර වෙත 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පසුදින (23) හමුදා සම්ප්‍රදායානුකු කඳවුරු සම්මාන මුරයක් පිරිනමමීන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, සේනාංකාධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.කේ.ජේ.යු. ජයරත්න විසින් ආරාධනා කරන ලදී. සම්මාන ආචාර පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා ලෙස 22 වන සේනාංකයේ කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන නිලධාරි කර්නල් චානක මෙත්තානන්ද කටයුතු කළහ.
එදිනම, අන්තර් ඒකක සරඹ තරඟාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් කණ්ඩභාර නිලධාරින් වෙත සම්මාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය. ඒ අනුව, එම තරඟාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායට හිමි කරගත් අතර, දෙවන ස්ථානය විජයබාහු පාබල රෙජිමේන්තුවට හිමිවිය. එමෙන්ම, හොඳම කණ්ඩභාර නිලධාරි ලෙස 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් එන්.එස්.ජයසිංහ තේරිපත් විය.
මෙම සංවත්සර සැමරුම් උත්සවය අවසානයේ වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද සේනාංක ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. Sports News | adidas Yeezy Boost 350