01st August 2018 09:50:04 Hours
බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ජලභිතිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (31) දින පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්වීම මත පැවැති මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 110 කට අධික පිරිසක් සහභාගි වූහ.
දිස්ත්‍රික් පශූ වෛද්‍ය සම්බන්ධිකරණ කාර්යාලයේ වෛද්‍ය පාලිත විරතුංග මහතා විසින් මෙම වැඩමුළුවේ දී දේශන පැවැත් වූ අතර වැඩමුළුව සඳහා දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එන්. විජයරත්න මහත්මිය ද සහභාගි විය. Best Authentic Sneakers | Nike SB