Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2018 19:07:35 Hours

නැගෙනහිර ආඥාපතිතුමන් වෙත ‘සුගතසාසන ජනජයසදන සමග්‍රාශ්‍රී’ ගෞරව නාමය පිරිනැමේ

බුදු දහම නගාසිටුවීම සඳහා සිදුකළ සේවාවන් අගය කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල හට අමරපුර නිකායේ ශ්‍රී ලංකා අමරපුර ආරියවංශ සද්ධම්ම සභාව විසින් ‘සුගතසාසන ජනජයසදන සමග්‍රාශ්‍රී’ ගෞරව නාමය පිරිනැමීම ඇසළ පොහෝ දින (27) පොළොන්නරුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවය අතරතුර දී සිදුවිය.

ශ්‍රී ලංකා අමරපුර ආරියවංශ සද්ධම්ම සභාවේ සහ පොලොන්නරුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි කඳුරුවෙල ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුවර ධර්මපාල නායක ස්වාමින් වහන්සේ විසින් මේජර් ජෙනරාල් පනන්වල වෙත එම ගෞරව නාමය ඇතුලත් ලියවිල්ල පිරිනැමූ අතර, සම්භාවනීය අමුත්තන් සහ පොහෝ දින වැඩසටහන සඳහා පැමිණි බැතිමතුන් ද එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මාතෘභූමිය තුල බුදුදහම නඟාසිටවීම සඳහා සිදු කරනු ලැබී වැඩසටහන් සඳහා සිය ක්‍රියාකාරි දායකත්වය දැක්විම හේතුවෙන් එය අගයකිරීමක් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත මෙම ගෞරව නාමය පිරිනමනු ලැබීය.

එම උත්සවය සඳහා විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමියන්, ආරාධිත භික්ෂුන් වහන්සේලා, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුල අබේනායක, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් සමරසිංහ, මහවැලි බී කලාප නේවාසික ව්‍යාපෘති කළමණාකාර තුෂාර දන්තනාරායන මහතා සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.Authentic Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth