30th July 2018 16:07:35 Hours
හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පාසල් බලධාරීන්ගේ සහ තරුණ සමාජයන්හි ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (27) දින හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ‘නායකත්ව’ සහ ‘ශාරීරික පුහුණු’ වැඩමුළුවක් පැවැත් වූ අතර, ඒ සඳහා ග්‍රාම සේවා කොට්ඨාශ 11 ක තරුණ තරුණියන් 130 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන‍්වීම යටතේ පැවැත් වූ මෙම වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිලධාරීන් සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන ශාරීරික පුහුණු උපදේශකයින්ගේ දායකත්වය ලබාදෙන ලදි.
දිනක් පුරා පැවති මෙම වැඩමුළුවේ දී ශාරීරික යෝග්‍යතාවයේ වැදගත්කම, අභියෝගයන්ට මුහුණදීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ ඉගැන්වීම සිදු කරනු ලැබීය. Adidas footwear | Nike