2018-12-21 21:08:33
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා තුමියගේ දේවස්ථානයේ කැරොල් ගායන කණ්ඩායම සහ චන්දන පෙරේරා පියතුමන් සමඟ එක්ව අඟහරුවාදා (18) දින නත්තල් කැරොල් ගායන ප්‍රසංගයක් සංවිධානය කළහ.
2018-12-21 20:12:00
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් සෙනසුරාදා (15) දින තඩ්ඩිඩයිමලේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ උදයන් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2018-12-21 16:09:20
මේජර් ජෙනරාල් රුවන් ගුණතිලක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන විධායක අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.කොළඹ 02 පිහිටි යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ...
2018-12-21 16:07:11
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම මත විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ඇතිව නත්තල් කැරොල් ගායන ප්‍රසංගයක් අඟහරුවාදා (18) දින බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ සිනමා ශාලාවේ දී පවත්වනු ලැබීය.
2018-12-19 13:40:20
ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට අයත් ආරක්ෂක හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිල වශයෙන් නිදහස් කරනු ලබන අතර යුද්ධය අවසන්වීමත් සමග 2009 මැයි මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල ඉඩම් අක්කර 23773.62 ක ප්‍රමාණයක් ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කරන ලදී.
2018-12-19 13:15:56
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දූෂ්යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු නත්තල් කැරොල් ගායන ප්‍රසංගය මුලතිව් ශාන්ත...
2018-12-19 13:14:56
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් 30 දෙනෙකු ‘නායකත්වය හා ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩමුළුවක් සෙනසුරාදා (15) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.මෙම පුහුණු වැඩමුළුවේදී යුද්ධ හමුදා උපදේශකයන්ගේ මඟපෙන්වීම යටතේ නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කිරීම කිරීම, සමාජ...
2018-12-19 13:13:56
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ නව සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්ම ශක්තිය සහ මානසිකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක පාපැදි ධාවන තරඟය - 2018 සිකුරාදා (14) දින පවත්වනු ලැබීය.
2018-12-19 13:12:56
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ඇතිව යාපනය ශ්‍රී නාගවිහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ නායක හිමිපාණන්ගේ වර්ෂ පූර්ණ අනුස්මරණ ‘පිංකම’ බදාදා (18) දින ශ්‍රී නාගවිහාරාධිපති මීගහජඳුරේ ඥාණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
2018-12-19 13:11:56
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත එස් 5 සංකල්පය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශනයක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (18) දින පැවැත්විණි.එස් 5 සංකල්පය පිළිබඳ පැවැති මෙම දේශනය ජාතික ඵලදායිතා සම්මේලනයේ මොණරාගල දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක අරුණ ක්‍රිෂාන්ත මහතා විසින් මෙහෙයවනු ලැබීය.