Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2018 16:07:11 Hours

බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී නත්තල් කැරොල් ප්‍රසංගයක්

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම මත විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ඇතිව නත්තල් කැරොල් ගායන ප්‍රසංගයක් අඟහරුවාදා (18) දින බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ සිනමා ශාලාවේ දී පවත්වනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත ආරියසිංහ සහභාගි වූ අතර සිනමා ශාලාවේ පැවැති නත්තල් කැරොල් ගායන ප්‍රසංගය නැරඹීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

මෙහිදි, පන්නිපිටිය - පමුණුගම, ශාන්ත නිකොලා දේවස්ථානයේ පන්තාරු කණ්ඩායම යුද්ධ හමුදාව සමඟ එක්ව අසිරිමත් නත්තල පාදක කරගනිමින් නාට්‍ය හා නත්තල් බැති ගී ඉදිරිපත් කරන ලදී.  

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් සහභාගි වූහ.  Nike sneakers | Womens Shoes Footwear & Shoes Online