19th December 2018 13:15:56 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දූෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු නත්තල් කැරොල් ගායන ප්‍රසංගය මුලතිව් ශාන්ත පීතර දේවස්ථානයේ දී බදාදා (18) දින පවත්වනු ලැබීය.
මෙහිදි යුද්ධ හමුදා තූර්යවාදක කණ්ඩායම හා එම ප්‍රදේශයේ වෙනත් ගීතිකා කණ්ඩායම් එක්ව නත්තල් කැරොල් ගිතීකා ගායනා කළහ. ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහාභාගි වු අතර එම අවස්ථාවට බැතිමතුන් විශාල පිරිසක් ද එක්ම සිටියහ.
මෙම උත්සවය සඳහා ආගමික පූජකවරුන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේතිස්වරන් මහත්මිය, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි. ආර්. වනිගසූරීය, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ජයවීර, මුලතිව් ඉදිරි නඩත්තු ප්‍රදේශයේ ආඥාපති බ්‍රිගේඩියර් ජේ.ඒ.ඩි.පි. ජයතිලක, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් රමේෂ් කුමාර් මහතා, මාතරම්පත්තු ප්‍රාදේශිය ලේකම් අයි. ප්‍රතාපන් මහතා, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එන්.එම්. ප්‍රදීපන් මහතා, බලසේනාධිපතිවරුන්, මුලතිව් දිස්ත්‍රික් පොලිස් අධිකාරි ආර්.පි. සේනානායක මහතා, දේවස්ථානයේ සහෝදරීයන් සහ සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ. Running sneakers | NIKE