Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2018 16:09:20 Hours

සැපයුම් හා ප්‍රවාහන විධායක අධ්‍යක්‍ෂ ලෙස කර්නල් වනිගසේකර රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් රුවන් ගුණතිලක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන විධායක අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

කොළඹ 02 පිහිටි යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. මෙම වැඩසටහන නිමා කරමින් ඒ සඳහා සහහාගි වූ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ පැවැති තේපැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගි විය.

කර්නල් වනිගසේකර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා ආහාර සැපයුම් බලඝණයේ ආරම්භක අණදෙන නිලධාරී, 23 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී මෙන්ම ස්වාධීන බලඝණයේ හිටපු අණදෙන නිලධාරී ඇතුළු සිය යුද්ධ හමුදා දිවිය තුල අණදීමේ තනතුරු රැසක් හොබවා ඇත. bridgemedia | Nike