19th December 2018 13:14:56 Hours
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් 30 දෙනෙකු ‘නායකත්වය හා ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩමුළුවක් සෙනසුරාදා (15) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම පුහුණු වැඩමුළුවේදී යුද්ධ හමුදා උපදේශකයන්ගේ මඟපෙන්වීම යටතේ නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කිරීම, සමාජ විනය වැඩිදියුණු කිරීම, වෘත්තිය පුහුණු හැකියාවන් වැඩිදියුණු කිරීම, අභියෝග ජයගැනීම සඳහා මානසික වටපිටාව සැකසීම, යහපත් සමාජ දෘෂ්ටිකෝණය සහ මානසික සමතුලිතතාවය පවත්වා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ. Buy Kicks | Nike Running