19th December 2018 13:13:56 Hours
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ නව සංකල්පයකට අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්ම ශක්තිය සහ මානසිකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක පාපැදි ධාවන තරඟය - 2018 සිකුරාදා (14) දින පවත්වනු ලැබීය.
මෙම තරඟය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61, 62 යන සේනාංකයන් හා නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් පාපැදි තරඟකරුවන් සහභාගි වූ අතර තරඟය සාලියපුර පිහිටි 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානය ඉදිරිපිට දී කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස ලුතිනන් කර්නල් එල්.කේ.කොට්ටේආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
අන්තර් ඒකක පාපැදි තරඟය - 2018 හී ශූරතාවය හිමිකරගැනීමට 21 වන සේනාංකයේ තරගකරුවන් සමත්වූ අතර තරඟාවලියේ අනුශූරතාවය 62 වන සේනාංකයේ තරඟකරුවන්ට හිමිවිය.
පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට 62 වන සේනාංකයේ සාමාන්‍ය සෙබල ඒ.එම්. අබේරත්න විසින් සමත් වූ අතර, පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානයන් 21 වන සේනාංකයේ සාමාන්‍ය සෙබල ධනුෂ්ක කුමාර සහ 61 වන සේනාංකයේ රයිෆල් සෙබල ඊ. ජේ. ආර්. කුමාර විසින් හිමිකරගනු ලැබීය.
ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ සහභාගි වූහ.
තවද ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. එමෙන්ම, ත්‍යාග ප්‍රදානෝත්සවය 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සංවිධානය කළහ. Buy Sneakers | Nike Air Max 270