21st December 2018 21:08:33 Hours
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා තුමියගේ දේවස්ථානයේ කැරොල් ගායන කණ්ඩායම සහ චන්දන පෙරේරා පියතුමන් සමඟ එක්ව අඟහරුවාදා (18) දින නත්තල් කැරොල් ගායන ප්‍රසංගයක් සංවිධානය කළහ.
මෙම උත්සවයේ දී නත්තල් පණිවිඩය චන්දන පෙරේරා පියතුමන් විසින් ප්‍රකාශ කල අතර රෝහල් කාර්යමණ්ඩලයේ සියලුම සාමාජිකයින් ද උත්සවය සඳහා සහභාගි වූහ. ගීතිකා කණ්ඩායම් ළමා සහ හිටපු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වාට්ටු වෙත ගොස් කැරොල් ගීත ගායනා කල අතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා නත්තල් සීයා ත්‍යාග බෙදාදීම මෙහි විශේෂ අවස්ථාවක් විය.
මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා ආධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, යුද්ධ හමුදා රෝහල් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.සී. ප්‍රනාන්දු ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.
එමෙන්ම, කිලිනොච්චි ප්‍රදේශයේ සියලු ප්‍රජාවන් අතර ආගමික සහජිවන ඇතිකරලීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ පූර්ණ සම්බන්ධිකරණය ඇතිව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ 57 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් බ්‍රහස්පතින්දා (20) දින නෙළුම් පියස ශ්‍රවණාගරයේ දී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ගෞරවණිය ආරාධිතයෙකු ලෙස අනුරාධපුර බිෂොප් අති උතුම් ආචාර්ය නොබර්ට් ඇන්ඩ්රාඩි පියතුමන් සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගි වූහ. එහිදි වැදගත් අවස්ථාවක් ලෙස බිෂොප් පියතුමන් විසින් නත්තල් පණිවිඩය ප්‍රකාශ කරනු ලැබීය. එමෙන්ම, ඇංග්ලිකන් දේවස්ථානයේ ඩැනියල් මූර්ති පියතුමන් විසින් දමිළ භාෂාවෙන් අනුශාසනා කථාව සිදුකල අතර භාරතිපුරම් දේවස්ථානයේ විග්නේෂ්වරන් පියතුමන් විසින් සිංහල භාෂාවෙන් අනුශාසනා කථාව සිදුකළහ. මෙම උත්සවයේ පිළිගැනීමේ නර්ථනය දකුණු ඉන්දියානු දේවස්ථානයේ නත්තල් කැරොල් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම උත්සවය අලංකාරවත් කරමින් සිංහල, දමිළ සහ ඉංග්‍රිසි භාෂාවන්ගෙන් නත්තල් කැරොල් ගීතිකා ගායනා කළහ. එහිදි යුද්ධ හමුදා තුර්යවාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංගීත කණ්ඩායම සහ නර්තන කණ්ඩායම අනෙකුත් ගායන කණ්ඩායම් කිහිපයක් සමඟ එක්ව ජේසුස් වහන්සේගේ ගුණ ගායනා ඉදිරිපත් කළහ. තවද පරන්තන් මෙතෝදිස්ත දේවස්ථානයේ කැරොල් ගීතිකා කණ්ඩායම, භාරතිපුරම් බැපිටිස්ට් දේවස්ථානයේ කැරොල් ගීතිකා කණ්ඩායම, මුරුක්කණ්ඩි දකුණු ඉන්දිය ශාන්ත පාවුල් දේවස්ථානයේ කැරොල් ගීතිකා කණ්ඩායම, කිලිනොච්චි ඇංග්ලිකන් දේවස්ථානයේ කැරොල් ගීතිකා කණ්ඩායම, කිලිනොච්චි ශාන්ත තේරේසා දේවස්ථානයේ කැරොල් ගීතිකා කණ්ඩායම් ගීතිකා ගායනා කරමින් මෙම අවස්ථාව වර්ණවත් කළහ.
සාමයේ පණිවිඩය රැගත් නත්තල් ගීතිකා කණ්ඩායම් කිලිනොච්චි ආරක්‍ෂක සේනා බලප්‍රදේශය තුල ‘Feliz Navidad’ නත්තල් ගීතිකා කණ්ඩායම සමඟ එක්ව ‘Harmony’ නත්තල් ගීතිකා කණ්ඩායම නත්තල් ගීතිකා ඉදිරිපත් කළහ.
මෙම උත්සවය සඳහා භික්‍ෂුන් වහන්සේලා, හින්දු පූජකවරුන්, මුස්ලිම් මවුලවිතුමන්ලා, කිතුනු පූජකවරුන් මෙන්ම 57, 65 සහ 66 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ. Best Nike Sneakers | Nike