Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2018 13:12:56 Hours

ශ්‍රී නාගවිහාරයේ අනුස්මරණ ‘පිංකම’ පැවැත්වීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහය

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ඇතිව යාපනය ශ්‍රී නාගවිහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ නායක හිමිපාණන්ගේ වර්ෂ පූර්ණ අනුස්මරණ ‘පිංකම’ බදාදා (18) දින ශ්‍රී නාගවිහාරාධිපති මීගහජඳුරේ ඥාණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවනු ලැබූ අතර, මෙම පිංකම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් දැහැත් වට්ටිය පිළිගන්වා මහා සංඝරත්නය වෙත පිරිත් සජ්ඣායනා කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය. පසුදින (19) උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා හීල් දානය පිළිගැන්වීමෙන් අනතුරුව අනුස්මරණ පිංකම් මාලාව නිමාවට පත්විය. short url link | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify