Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2018 13:11:56 Hours

මධ්‍යම භට පිරිස් එස් 5 සංකල්පය පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත එස් 5 සංකල්පය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශනයක් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අ‍‍ඟහරුවාදා (18) දින පැවැත්විණි.

එස් 5 සංකල්පය පිළිබ‍ඳ පැවැති මෙම දේශනය ජාතික ඵලදායිතා සම්මේලනයේ මොණරාගල දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක අරුණ ක්‍රිෂාන්ත මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත පැවැති මෙම දේශනය සඳහා නිලධාරීන් 30 ක් සහ සෙසුනිලයින් 150 ක් සහභාගි වුහ. Sports News | Nike