2019-03-06 14:46:09
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මහා ශිව රාත්‍රි දිනයට සමඟාමීව සඳුදා (4) දින කතරගම මහා දේවාල පරිශ්‍රයේ පැවැත්වූ විශේෂ පූජාවට බැතිමතුන් සමඟින් එක්වෙයි.
2019-03-06 13:46:09
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානයේ 12 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත පෙබරවාරි මස 15 දින සිට මාර්තු මස 2 දින දක්වා ආගමික වතාවත් මධ්‍යයේ අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-03-06 13:46:09
සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, 68 වන සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සම්පත් යොදාගනිමින් ‘ඉනියා වල්වූ’ ඉලාම් පාසලේ බිහිරි සහ අන්ද නේවාසික දරුවන් සහ කාර්යමණ්ඩලය වෙත උදෑසන, දිවා සහ රාත්‍රි ආහාර ලබාදුන්හ.
2019-03-06 13:46:09
යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලයේ 9 වන සංවත්සරය නිමිතිකොට ගෙන මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ නේවාසික ළමුන් සඳහා අභ්‍යාස පොත් ඇතුළු තෑගි පාර්සල් බෙදා දීමක් සිදුකරන ලදි.
2019-03-05 15:14:23
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 කගෙන් පමණ සමන්විත පිළියන්දල, දම්පේ මඩපාත පිලිප් ආටිලග කණිෂ්ඨ ආදර්ශ පාසලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය අඟහරුවාදා (05) දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සහභාගි වූ අතර සම්භාවනීය....
2019-03-05 11:47:02
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ 28 වන සංවත්සර දිනයට සමගාමීව නැගෙනහිර පළාතේ කදිරවේලි, ටික්කන ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 35 ක් වෙත එකක් රුපියල් 2000/= ක පමණ වටිනාකමින් යුතු වියලි සලාක මලු තොගයක් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව පෙබරවාරි මස 26 වන දින බෙදාදෙන ලදී.
2019-03-04 18:23:19
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ මූලතිව් පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (01) දින පූදුකුඩිඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය මුලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාංගණ හතරකදී පෙබරවාරි මස 16 දින සිට 28 දින දක්වා මූලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායම්...
2019-03-04 18:20:09
‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීගේ දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගැටුම්වල සෘණාත්මක ආරෝපණ ක්‍රියාවලිය අවම කිරීම හා එහි ධනාත්මක පැතිකඩයන් වැඩිදියුණු කිරීමේ එක්දින වැඩමුළුවක් පුහුණු අධ්යක්ෂ මණ්ඩලය ලබාදුන් උපදෙස් අනුව නැගෙනහිර ආරක්ෂක...
2019-03-04 18:14:09
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි තෙරේසා අම්මාන් පෙර පාසල සහ කොක්කුතුඩුවායි පාල් නිලව් පෙර පාසල 'MAS Leisure Line' පුද්ගලික සමාගම සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (28) දින පැවැති උත්සවයකදී සිසු අයිතියට පවරාදෙන ලදී.
2019-03-04 00:44:03
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය’ පිළිබඳ කාන්තා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය සෙනසුරාදා (02) දින පැවැත්විණි.