Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2019 18:14:09 Hours

'MAS Leisure Line' පුද්ගලික සමාගම යුද්ධ හමුදාව සමඟ එක්ව මූලතිව් ප්‍රදේශයේ පෙර පාසල් දෙකක් ප්‍රතිසංස්කරණය කරයි

මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි තෙරේසා අම්මාන් පෙර පාසල සහ කොක්කුතුඩුවායි පාල් නිලව් පෙර පාසල 'MAS Leisure Line' පුද්ගලික සමාගම සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (28) දින පැවැති උත්සවයකදී සිසු අයිතියට පවරාදෙන ලදී.

මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල ගේ අධීක්ෂණය යටතේ 'MAS Leisure Line' පුද්ගලික සමාගමේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව මෙම පෙර පාසල් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

593 වන බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ගැමුණු හේවා බලඇණියේ සහ 5 වන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් උද්යෝගයෙන් යුතුව ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතවූ අතර ප්‍රතිසංස්කරණ කටයුතු සති කිහිපයක් තුල නිම කිරීමට සමත්විය. ප්‍රතිසංස්කරණය කරන ලද පෙර පාසල් විවෘත කිරීමේ උත්සවය සඳහා පෙර පාසල් ළමුන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන් 150 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි වූ අතර 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල, 'MAS Leisure Line' පුද්ගලික සමාගමේ ප්‍රධාන කළමණාකාර චන්දන බණ්ඩාර මහතා සහ 'MAS Leisure Line' පුද්ගලික සමාගමේ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. මෙම උත්සවය අතරතුරදී අත්‍යවශ්‍ය ලිපිද්‍රව්‍ය ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් ද පෙර පාසල් දරුවන් අතර බෙදාදෙන ලදී.Running sports | Nike Shoes