Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2019 18:20:09 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් ‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ

‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීගේ දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගැටුම්වල සෘණාත්මක ආරෝපණ ක්‍රියාවලිය අවම කිරීම හා එහි ධනාත්මක පැතිකඩයන් වැඩිදියුණු කිරීමේ එක්දින වැඩමුළුවක් පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය ලබාදුන් උපදෙස් අනුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අඟහරුවාදා (26) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

‘සේගු කන්සල්ටන්ට් සර්විස්’ (Segue Consultancy Service) හි අධ්‍යක්‍ෂ සහ උපදේශක විශ්‍රාමික ලුතිතන් කර්නල් වසන්ත පමුණුව විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී.

ගැටුම් කළමනාකරණය කිරීමේදී හමුදා නිලධාරින්ට අවශ්‍යවන න්‍යායාත්මක කරුණු පිළිබඳ උසස් දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්විණි. මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Sportswear Design | Hats to Match Jordans Hyper Royal Bulls Hat