06th March 2019 13:46:09 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානයේ 12 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත පෙබරවාරි මස 15 දින සිට මාර්තු මස 2 දින දක්වා ආගමික වතාවත් මධ්‍යයේ අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
ඒ අනුව, පෙබරවාරි මස 15 වන දින ශාන්ත තෙරේසා දේවස්ථානයේ දී විශේෂ කතෝලික දේවමෙහෙයක් පැවැත්වූ අතර පෙබරවාරි මස 20 වන දින කන්දසාමි කොවිලේ දී හින්දු පූජාවක් සහ පෙබරවාරි මස 22 වන දින සලාම් ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාම් දේවමෙහෙයක් පැවැත්වූණි. තවද මාර්තු මස 1 වන දින මහා සංඝරත්නය වැඩමවා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්විණි.
මාර්තු මස 1 වන දිනට යෙදුනු සංවත්සර දිනයේ දී සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරීනමන ලදී.
තවද සංවත්සර වැඩසටහන සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.
ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා නිලධාරීන් සහ සේනාංකයේ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටියහ. සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත් කරමින් එදින කොමිෂන් නොළත් නිලධාරී සමාජ ශාලාවේ පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද සේනාංකාධිපතිතුමන් සහභාගි විය. Running Sneakers | Nike Shoes