05th March 2019 15:14:23 Hours
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 කගෙන් පමණ සමන්විත පිළියන්දල, දම්පේ මඩපාත පිලිප් ආටිලග කණිෂ්ඨ ආදර්ශ පාසලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය අඟහරුවාදා (05) දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සහභාගි වූ අතර සම්භාවනීය ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා සහභාගි විය.
එම විද්‍යාලයේ කුඩා සිසුන්ගෙන් සමන්විත බටහිර තුර්යවාදක කණ්ඩායම පෙරටුකරගත් වර්ණවත් පෙරහැරකින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස ප්‍රධාන පීඨිකාව වෙත කැටුව ඒමෙන් අනතුරුව, සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් ජාතික ධජය, පළාත් ධජය සහ පාසල් ධජය ඔසවමින් උත්සව කටයුතු ආරම්භ කෙරිණි. සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විද්‍යාලයේ විදුහල්පතිතුමිය විසින් පිළිගැනීමේ කථාව සිදු කල අතර ඉන් අනතුරුව, ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීම සඳහා සම්භාවනීය ආරාධිතයින්ට ආරාධනා කරනු ලැබීය.
ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සහ සිසිර විජේසිංහ මහතා වෙත පැමිණ සිටි සියලුදෙනා ඇමතීම සඳහා ආරාධනා කරනු ලැබීය. විද්‍යාලයේ විදුහල්පතිනි කල්පනි තිලකරත්න මහත්මීය විසින් ශිෂ්‍යනායක දිනය සිහිවනු වස් සම්භාවනීය ආරාධිත අමුත්තන් වෙත සමරු කලාපයන් ප්‍රදානය කල අතර විද්‍යාල සිසුන්ගේ සෞන්දර්යාත්මක නර්ථනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. නව ශිෂ්‍යනායකයින් දිවුරුම්දීම සහ දෙමාපියන්ගේ ගෞරවය පිරිනැමීමෙන් අනතුරුව උත්සව කටයුතු නිමාවට පත්විය.
මීට මාස කීපයකට ප්‍රථම, පාසල සඳහා රජය විසින් අරමුදල් වෙන්කරවා ගැනීමෙන් අනතුරුව පාසල් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා යුද්ධ හමුදා ඉංජිනේරු සෙබළුන්ගේ ශ්‍රමදායකත්වය ලබාදුන් බව ද එහිදි අනාවරණය විය.
තවද මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පතිණි කල්පනි තිලකරත්න මහත්මීය, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් රංජිත් මල්ලවආරච්චි, කැස්බෑව හා බොරලැස්ගමුව නගරසභාවල නාගරික මන්ත්‍රීවරුන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ක්‍රීඩා උපදේශකවරුන්, දෙමාපියන් සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ. Sports brands | Nike Shoes