Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2019 11:47:02 Hours

නැගෙනහිර ප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත සිවිල් වැසියන්ට සහ පාසල් සිසුන්ට 231 සහ 233 වන බලසේනාවන්ගෙන් උපකාර

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ 28 වන සංවත්සර දිනයට සමගාමීව නැගෙනහිර පළාතේ කදිරවේලි, ටික්කන ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 35 ක් වෙත එකක් රුපියල් 2000/= ක පමණ වටිනාකමින් යුතු වියලි සලාක මලු තොගයක් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව පෙබරවාරි මස 26 වන දින බෙදාදෙන ලදී.

සංවත්සර වැඩසටහනේ තවත් අදියරක් ලෙස, එදින 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇල්විටිගල ගේ උපදෙස් මත වාකරේ ග්‍රාමීය රෝහලේ නේවාසික රෝගීන්ට සහ සමස්ත කාර්ය මණ්ඩලයට දිවා භෝජන සංග්‍රහයක් පිරීනමන ලදී. මෙම වැඩසටහන සඳහා 233 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

එමෙන්ම, 231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් පෙබරවාරි මස 20 වන දින කරවේද්දියාරු විජිත විද්‍යාලයේ සහ එරුනුරුවිල් දමිළ මිශ්‍ර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ තොගයක් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව කරවේද්දියාරු විජිත විද්‍යාලයේ දී බෙදාදෙන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ අණදෙන නිලධාරී සහ 10 වන ගජබා රෙජිමේන්තු දෙවන අණදෙන නිලධාරී සහභාගි වූහ. Authentic Nike Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret