Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2019 13:46:09 Hours

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංවත්සරය අපේක්‍ෂා රෝහලේ ළමුන් සමඟ සැමරේ

යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 9 වන සංවත්සරය නිමිතිකොට ගෙන මහරගම අපේක්‍ෂා රෝහලේ ළමා වාට්ටුවේ නේවාසික ළමුන් සඳහා අභ්‍යාස පොත් ඇතුළු තෑගි පාර්සල් බෙදා දීමක් සිදුකරන ලදි.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් මෙම රෝගි දරුවන් සමඟ දවස පුරා කාලය ගත කළ අතර 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බළකායේ කැලිප්සෝ සංගීත කණ්ඩායමේ සංගීතයෙන් මෙම අවස්ථාව වර්ණවත් කෙරිණි.

තවද, සංවත්සර වැඩසටහනට සමගාමීව තවත් විනෝදජනක වැඩසටහනක් මාර්තු 24 දින කුකුළේගඟ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. Sports News | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ