2019-08-27 14:40:02
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාශයේ ඉල්ලීමකට අනුව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සැප්තැම්බර් මස 7 සිට 9 දින දක්වා 3 වන වරටත් පැවැත්වීමට නියමිත ‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය’ සඳහා මුත්තූවේලි ක්‍රීඩාංගණය සකස් කිරීමට සිය සහයෝගය ලබාදුන්හ.
2019-08-27 14:25:02
‘රණවිරු ඇපරල්’ කර්මාන්ත ශාලාවන්හී සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 350 කට අධික පිරිසක් සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික කවුන්සිලයේ නියෝජිතයෙකු විසින් ‘මානසික සෞඛ්‍ය හා ආතති කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන කිහිපයක් පසුගියදා යක්කල රණවිරු ඇපරල් කර්මානත ශාලාවේ දී පැවැත්විණි.
2019-08-27 14:20:02
රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවයක් ඉකුත් අගෝස්තු මස 24 සහ 25 දෙදින තුළ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සහභාගීත්වයෙන් අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2019-08-27 14:10:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා චාල්ස් තෝමස් සහෝදර තුමන්ගේ ‘දහම් පහන’ ව්‍යාපෘතිය සමඟ සම්බන්ධීකරණයෙන් බහරේනයේ පදිංචි චිත්‍රා සත්කුනරාජන් මහත්මිය සහ සාරා ඒ. අබ්දුල්ලා මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 255 ක් සඳහා අධ්‍යාපනික උපකරණ, ජල පෙරණ (water filters), සූර්ය බලශක්ති කට්ටල සහ පොල්පැල තොගයක් බෙදාදෙන ලදී.
2019-08-27 13:59:08
වසර 38 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන විශේෂ බලකායෙන් බිහිවු ප්‍රථම ජෙනරාල්වරයා මෙන්ම එම රෙජිමේන්තුවේ ප්‍රධාන පෙලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති....
2019-08-27 13:25:04
යක්කල ‘රණවිරු ඇපරල්’ (Ranaviru Apparels) ඇඟළුම් ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් කර්මාන්තශාලා ක්‍රිකට් තරඟාවලිය සහ කඹ ඇදීමේ තරඟය ඉකුත් සෙනසුරාදා (3) දින ‘රණවිරු ඇපරල්’ හී සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ උපදෙස් මත ගම්පහ නගරසභා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
2019-08-27 13:20:04
යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සුහදත්වය ඇතිකරලීමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ ගේ උපදෙස් මත 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් අඟහරුවාදා (20) දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රීඩාංගණය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
2019-08-26 20:50:48
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ වසර 40 කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් කරන ලද අගනා සේවය ගෞරවයට පාත්‍ර කරමින් එතුමන් පදිංචි මල්වාන සහ දොම්පේ අතර ප්‍රධාන මාර්ගය සෙනසුරාදා (24) දින සන්ධ්‍යාවේ ‘ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත’ ලෙස නම් කරන ලදී.
2019-08-26 14:07:55
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකය මූලස්ථානයේ මූලිකත්වයෙන් අනුරාධපුරය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට අධික පිරිසකට ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින නොමිලේ ඇස් කණ්නාඩි...
2019-08-26 13:03:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී සිකුරාදා (23) දින සිට බලපැවැත්වෙන පරිදී පත් කර ඇති බව හමුදා ලේකම් කාර්යාලය නිවේදනය කරයි. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ...