27th August 2019 14:10:02 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා චාල්ස් තෝමස් සහෝදර තුමන්ගේ ‘දහම් පහන’ ව්‍යාපෘතිය සමඟ සම්බන්ධීකරණයෙන් බහරේනයේ පදිංචි චිත්‍රා සත්කුනරාජන් මහත්මිය සහ සාරා ඒ. අබ්දුල්ලා මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 255 ක් සඳහා අධ්‍යාපනික උපකරණ, ජල පෙරණ (water filters), සූර්ය බලශක්ති කට්ටල සහ පොල්පැල තොගයක් බෙදාදෙන ලදී.
ඒ අනුව, පාසල් මේස 50 ක්, ජල පෙරණ 100 ක්, පාසල් බෑග් 55 ක් සහ සූර්ය බලශක්ති කට්ටල 50 ක් මෙලෙස ප්‍රතිලාභීන් වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව, ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින යාපනය ‘NSR Reception’ ශාලාවේ දී බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ගමගේ, චාල්ස් තෝමස් සහෝදර තුමන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ‘දහම් පහන’ පදනමේ සාමාජිකයින්, යුද්ධ හමුදා සාමාජිකයින්, පාසල් සිසුන් සහ යාපනය ප්‍රදේශයේ ප්‍රතිලාභී අඩු ආදායම්ලාභී පවුල්වල දෙමාපියන් සහභාගී වූහ. Sportswear free shipping | NIKE AIR HUARACHE