27th August 2019 14:20:02 Hours
රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවයක් ඉකුත් අගෝස්තු මස 24 සහ 25 දෙදින තුළ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සහභාගීත්වයෙන් අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අනුස්මරණ උත්සවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ඉකුත් සෙනසුරාදා (24) දින රාත්‍රියේ ‘පිරිත්’ සජ්ඣායනා කිරීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලේවෙල සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් සුභාෂ් සිරිවර්ධන ගේ ආරාධනයකට අනුව, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගී විය.
අඛණ්ඩව 27 වන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම අනුස්මරණ උත්සවයේදී, 2009 වර්ෂයට පෙර දශක තුනක කාලයක් මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරගැනීම සඳහා යුධ පිටියේ උත්තරීතර කැපකිරීම් සිදුකළ නිලධාරින් 144 ක් සහ සෙසුනිලයින් 3720 ක් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.
ඉන් අනතුරුව, වරකාපොළ දී කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගම් නියෝජනය කරන ආගමික ස්ථානයන්හී දී වෙන් වෙන් වශයෙන් ආගමික වතාවත් සිදුකරනු ලැබීය. මෙම අනුස්මරණ උත්සවයට සමගාමීව, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ පසුදින (ඉරිදා 25) උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා හීල් දානමය පිළිගැන්වීමේ පිංකමක් පැවැත්විණි. හීල් දානය සඳහා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 24 නමක් වැඩම කළහ.
මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. url clone | FASHION NEWS