27th August 2019 14:40:02 Hours
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාශයේ ඉල්ලීමකට අනුව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සැප්තැම්බර් මස 7 සිට 9 දින දක්වා 3 වන වරටත් පැවැත්වීමට නියමිත ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය’ සඳහා මුත්තූවේලි ක්‍රීඩාංගණය සකස් කිරීමට සිය සහයෝගය ලබාදුන්හ.
යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අධීක්‍ෂණය යටතේ, භටපිරිස් ඉකුත් ඉරිදා (25) දින ක්‍රීඩාංගණ පරිශ්‍රය පිරිසිදු කර මෙම ප්‍රදර්ශනය දැවැන්ත මට්ටමින් පැවැත්වීම සඳහා බිම් සැකසීම ආරම්භ කරන ලදී.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ පූර්ණ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබයි. short url link | Women's Sneakers