Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2019 13:59:08 Hours

විශේෂ බලකා රෙජිමේන්තුවට සිදුකළ සේවාව වෙනුවෙන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ගෞරවාචාරය පිරිනමයි

වසර 38 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන විශේෂ බලකායෙන් බිහිවු ප්‍රථම ජෙනරාල්වරයා මෙන්ම එම රෙජිමේන්තුවේ ප්‍රධාන පෙලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල සමුදීමේ උත්සවයක් ඉකුත් සඳුදා (26) දින නාවුල පිහිටි විශේෂ බළකා මුලස්ථානයේදී පැවැත්විණි.

විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ජෙනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක, ප්‍රධාන දොරටුව අභියසදී විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජික බ්‍රිගේඩියර් සෙනෙරත් යාපා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.

සරඹ භූමිය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව, විශේෂ බලකා වෙනුවෙන් මෑතකදී පිරිනමනු ලැබු ජනාධිපති ‘රණ පරශුව’ සම්මානය සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ සම්මානය පෙරටුකරගත් විශේෂ බලකා භටපිරිස්ගෙන් සැදුම්ලත් සම්මාන ආචාර පෙලපාලියේ ගෞරවාචාරය නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරීනමන ලදී. ඉන් අනතුරුව, නික්මයන 22 වන යුද්ධ හමුදාධිපතිතුමන් සරඹ භූමියේ දී භටපිරිස් අමතනු ලැබීය.

අප සැමට සාමකාමීව ජන ජිවිතයක් ඇතිකරලීම උදෙසා මව්බිම වෙනුවෙන් දිවිපිදු විශේෂ බලකායේ විරෝදාර රණවිරුවන්ගේ නිර්භීතකම හා ධෛර්යය පිළිබඳ සිය මතකයන් සිහිපත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුද කළහ.

අනතුරුව කොනොනි සමාජ ශාලාවේදී පැවති සියළු නිල තේපැන් සංග්‍රහයකට එක්වෙමින් ඒ සඳහා සහභාගි වුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.

නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව විධිමත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිගැන්වූ අතර එහිදී, නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් සිය සමුගැනීමේ දේශනය සිදුකිරීමෙන් අනතුරුව විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී, ජනාධිපති ‘රණ පරශුව’ සම්මානය සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ සම්මානය ලබාගැනීම සඳහා දැක්වූ සුවිශේෂි කැපවීම අගයමින් විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් 4 දෙනා වෙත ජෙනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක විසින් සන්නස් පත්‍ර ලබාදුන්නේය.

මෙම අවස්ථාව සඳහා විශේෂ බලකා නිර්මාතෘ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගාමිණි හෙට්ටිආරච්චි, කර්නල් (විශ්‍රාමික) ඩබ්.එම්.ජේ.අයි ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සහභාගි වුහ.

හමුදා සම්ප්‍රදායානුකූලව පැවති සමුගැනීමේ උත්සවය අවසානයේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිළයින් නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිල රථය ගමන් ගන්නා මාර්ගය දෙපස පෙලගැසී එතුමන් හට ගෞරවාචාරය පිරිනමමින් සුභපැතුම් එක් කරන ලදී.Asics shoes | Sneakers