Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2019 13:25:04 Hours

යක්කල සහ අලව්ව රණවිරු ඇපරල් ඇඟළුම්හලේ සේවකයින් අතර ක්‍රිකට් තරඟයක්

යක්කල ‘රණවිරු ඇපරල්’ (Ranaviru Apparels) ඇඟළුම් ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් කර්මාන්තශාලා ක්‍රිකට් තරඟාවලිය සහ කඹ ඇදීමේ තරඟය ඉකුත් සෙනසුරාදා (3) දින ‘රණවිරු ඇපරල්’ හී සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ උපදෙස් මත ගම්පහ නගරසභා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

‘රණවිරු ඇපරල්’ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය එනම් ආබාධිත, ආබාධිත නොවන සහ කාන්තා අංශ ලෙස අංශ තුනක් යටතේ පැවැත්විණි. යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත සහ ආබාධිත නොවන කණ්ඩායම් අවසන් මහා තරගයේදී අලව්ව කර්මාන්ත ශාලව පරාජයට පත් කරමින් ශූරතාවය හිමිකරගනු ලැබීය. කාන්තා ක්‍රීකට් තරඟයේ දී යක්කල කර්මාන්ත ශාලා කණ්ඩායම පරාජයට පත් කරමින් අලව්ව කාර්මාන්ත ශාලා කණ්ඩායම ශූරතාවය හිමිකරගනු ලැබීය.

අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කණ්ඩායම් තුනම කාසිය වාසිය දිනාගැනිමෙන් අනතුරුව, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළහ. කෙසේ වෙතත්, අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත සහ ආබාධිත නොවන කණ්ඩායම් අනුශූරතාව හිමිකරගත් අතර යක්කල කර්මාන්ත ශාලාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුශූරතාව හිමිවිය.

මේ අතර, අන්තර් කර්මාන්තශාලා පිරිමි හා කාන්තා කඹ ඇදීමේ තරඟාවලිය එදිනම එම ස්ථානයේදී පැවැත්විණි. පිරිමි කාණ්ඩය බර හා සැහැල්ලු යන අංශවලට බෙදා ඇති අතර එම තරඟ දෙකේම ජයග්‍රහණය යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා කණ්ඩායම් විසින් හිමි කරගත් අතර කාන්තා අංශයේ ද ශූරතාවය යක්කල රණවිරු ඇපරල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි ගම්පහ දිස්ත්‍රික් නගරාධිපති එරංග සේනානායක මහතා සහ රණවිරු ඇපරල් හි සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ප්‍රධාන දොරටුවට අභියසදී රණවිරු ඇපරල් හි නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල රණවීර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

තරඟාවලිය අවසානයේ ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් රණවිරු ඇපරල් සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක සහ කර්මාන්තශාලා දෙකේම කළමණාකරුවන් ඇතුළු තවත් ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ප්‍රදානය කරන ලදි.

මෙම තරඟාවලිය අලව්ව සහ යක්කල රණවිරු ඇපරල් කර්මාන්තශාලාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබීය. bridge media | Hats to Match Jordans Hyper Royal Bulls Hat