Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2019 14:25:02 Hours

රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවන්හි සේවකයින්ට ‘මානසික සෞඛ්‍ය’ පිළිබඳ දේශනයක්

‘රණවිරු ඇපරල්’ කර්මාන්ත ශාලාවන්හී සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 350 කට අධික පිරිසක් සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික කවුන්සිලයේ නියෝජිතයෙකු විසින් ‘මානසික සෞඛ්‍ය හා ආතති කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන කිහිපයක් පසුගියදා යක්කල රණවිරු ඇපරල් කර්මානත ශාලාවේ දී පැවැත්විණි.

මෙම දේශන රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවන්හී සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලදී.

මෙම දේශන මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාත්මක උපදේශක හේමා නිශාන්ත විතානගේ මහතා විසින් මෙහෙයවිය. පුනරුත්ථාපන හා වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරී ගාමිණී සුබසිංහ මහතා සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික කවුන්සිලයේ මානසික සෞඛ්‍ය තොරතුරු නිලධාරිනි කල්හාරි කුමාරි මහත්මිය ඇතුළු සම්පත්දායකයින් කිහිපදෙනෙකු මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන්හ.

සියදිවි නසාගැනීම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය, ආතතිය කළමනාකරණය, ජීවන කුසලතා වැඩිදියුණු කිරීම සහ විවාහ දිවිය සතුටින් ගත කිරීම වැනි මාතෘකා කෙරෙහි මෙම වැඩසටහනේ දී විශේෂ අවධානයක් යොමු කළේය. latest jordans | Mens Flynit Trainers