26th August 2019 14:07:55 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකය මූලස්ථානයේ මූලිකත්වයෙන් අනුරාධපුරය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට අධික පිරිසකට ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදෙන ලදී.
ප්‍රවීණ රංගන ශිල්පී සුවිනීතා වීරසිංහ මහත්මීය සහ නන්දලාල් මලල්ගොඩ මහතාගේ සම්බන්ධීකරණයෙන් විද්‍යා ශිවලෝගනාදන් අරමුදල විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රහයේ ප්‍රතිඵලයක් ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.
21 වන සේනාංක මූලස්ථානයේ සිවිල් කටයුතු කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් අනතුරුව, 21 වන සේනාංක මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී මෙම ඇස් කණ්නාඩි බෙදාහැරීම සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා 211, 212 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. Mysneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival