2019-09-20 11:15:09
දඹූල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ඉකුත් සඳුදා (16) දින එම සේනාංක මූලස්ථානයේ පැවැති සරල උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී. සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල...
2019-09-20 11:00:09
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කුරු පුහුණු පාසල වෙතින් ඉදිරිපත් කල සැඟවුණු සංග්‍රාමික යුද භටයින් හා සැඟවුණු වෙඩික්කරුවන්, අවි සමඟ සිටින විශේෂ බලකායේ ධාවනපැදිකරුවන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කල 76 පවුන්ඩර් කාලතුවක්කු වෙඩිමුර සංදර්ශනය සැප්තැම්බර් මස 5 සහ 6 දෙදින පූරා කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගනයේ දී පැවැති යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘දියවරක අස්වැන්න’ සංස්කෘතික ප්‍රදර්ශනය වර්ණවත් කරන ලදී.
2019-09-19 15:48:29
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ ඉල්ලීම පරිදි කොළඹ 3 පිහිටි ශ්‍රී ලංකා ‘සත්‍ය සායි’ ජාත්‍යන්තර සංවිධානය අනුග්‍රහය ඇතිව 400 කට අධික සිවිල් වැසියන්ගේ සහ ප්‍රදේශයේ සේවය කරන භටයින්ගේ ප්‍රයෝජනය සඳහා සමලන්කුලම් ග්‍රාම සේවා කොට්ඨාශයේ පන්නෙයිනින්දම් ගම්මානයේ නවතමයෙන් ජල පවිත්රකාර ඒකකයක් ස්ථාපනය කරනු ලැබීය.
2019-09-19 14:22:01
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සිය 25 වන සංවත්සරය ඉකුත් සෙනසුරාදා (14) දින මින්නේරිය ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-09-19 14:20:01
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (18) දින නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදු කරන ලදී.
2019-09-19 14:17:01
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තමන්ගේම නිවසක් නොමැතිව දුක් ගැහැට විදින සිවිල් වැසියන් හට උපකාර කිරීමේ අරමුණින් තවත් අඩුආදායම්ලාභි පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඉකුත් ඉරිදා (15) දින සිදුකරනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දානපතියන්...
2019-09-19 13:46:09
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් දියත් කරමින් ත්රස්තවාදීන්ගේ ඉලුප්පයිකඩ්ඩවාලි ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානය සහ නරකමුල්ල පිහිටි ඔවුන්ගේ පාලන අංශයක් විනාශ කිරීමට සමත් විය.
2019-09-17 21:35:22
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ඉකුත් සදුදා (16) දින ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු) මූලස්ථානයේ සංචාරයක නිරතවෙමින් එහි කාර්යභාරය සහ රාජකාරී ස්වභාවය පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කළේය. ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති බ්‍රිගේඩියර් ලක්ෂමන් ප්‍රනාන්දු ඇතුළු ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) යටතේ ඇති සියළුම...
2019-09-17 21:30:22
පසුගිය දිනක තම නිර්භීතකම විදහා පාමින් කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 5 වන ස්වේච්ඡා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වීරෝධාර සෙබළුන් දෙදෙනෙකු විසින් දියේ ගිලී මිය යන්නට ගිය මව සහ ඇගේ දරුවන් දෙදෙනා බේරා ගැනීමට සමත්විය. මෙම වීර ක්‍රියාව හේතුවෙන් ඔවුන් දෙදෙනාට යුද හමුදා මූලස්ථානය...
2019-09-17 21:20:37
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනිමෙන් පසු මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසල වෙත සිය දෙවන සංචාරය සිදුකරමින් නුදුරේදී පැවැත්වීමට නියමිතව ඇති ‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ වත්මන් තත්ත්වය පිළිබඳ විමර්ශනයක නිරතවිය.