Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2019 15:48:29 Hours

23 විජයභාහු පාබල රෙජිමේන්තුව ගම්වාසීන් සඳහා ජල පවිත්‍රකාරකයක් ඉදිකරදෙයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ ඉල්ලීම පරිදි කොළඹ 3 පිහිටි ශ්‍රී ලංකා ‘සත්‍ය සායි’ ජාත්‍යන්තර සංවිධානය අනුග්‍රහය ඇතිව 400 කට අධික සිවිල් වැසියන්ගේ සහ ප්‍රදේශයේ සේවය කරන භටයින්ගේ ප්‍රයෝජනය සඳහා සමලන්කුලම් ග්‍රාම සේවා කොට්ඨාශයේ පන්නෙයිනින්දම් ගම්මානයේ නවතමයෙන් ජල පවිත්‍රකාර ඒකකයක් ස්ථාපනය කරනු ලැබීය.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ සත්‍ය සායි ජත්‍යන්තර සංවිධානය මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.7 ක් පමණ වැය කර ඇත. පන්නෙයිනින්දම් ගම්මානයේ තවතමයෙන් ස්ථාපිත කරනු ලැබූ මෙම ජල පවිත්‍රකාර පද්ධතිය විවෘත කිරිම ඉකුත් සිකුරාදා (13) දින පැවති අතර එම අවස්ථාව සඳහා 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ලිව්.ඩී.සී.කේ කොස්තා සහ සත්‍ය සායි ජත්‍යන්තර සංවිධානයේ සභාපති වී. මනෝහරන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර තවද 23 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී එම ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීන්, සිවිල් වැසියන්, නිලධාරීන් සහ ප්‍රතිලාභීන් විශාල පිරිසක් සහභාගී විය.

මෙම ජල ව්‍යාපෘතිය විජභාහු පාබල රෙජිමේන්තු කඳවුර තුළ පැවති කෙටි සමාරම්භක උත්සවයක දී සිවිල් හමුදා සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීමට සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව විවෘත කරනු ලැබීය. Buy Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ