19th September 2019 14:17:01 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් තමන්ගේම නිවසක් නොමැතිව දුක් ගැහැට විදින සිවිල් වැසියන් හට උපකාර කිරීමේ අරමුණින් තවත් අඩුආදායම්ලාභි පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඉකුත් ඉරිදා (15) දින සිදුකරනු ලැබීය.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දානපතියන් දෙදෙනෙකු වන දමිත් කහවිට මහතා සහ මාරසිංහ මහත්මිය විසින් අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වන රන්පත්විල එච්.කේ අජන්ත වික්‍රමාරච්චි මහතාගේ සහ තන්තිරිමලය බෝගොඩවැව පී. ධර්මසේන මහතාගේ දරුපවුල සඳහා නව නිවාස දෙකක් ඉදිකිරීම සඳහා අනුග්‍රහය ලබාදෙන ලදි.
මෙම මානුෂිය ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ සුභ පැතුම් ඇතිව 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ සහ 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් පසුගිය මාස කිහිපය තුළ මෙම මානුෂීය ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීමට දායක විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 212 බලසේනාවේ බලසේනාධිපති සහභාගී වූ අතර ඒ සඳහා ප්‍රතිලාභීන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී විය.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබු මෙම වැඩසටහන තුළින් පසුගිය මාස 08 ක කාලය ඇතුලත මැදවච්චිය, වව්නියාව, පුල්ලෙලිය, වැලිඔය, සිප්පුකුලම්, කහටගස්දිගිලිය සහ තවත් ගම්මාන කිහිපයක අඩු ආදායම්ලාභි පවුල් 10 ක් සඳහා නිවාස ඉදිකරදී ඇත. latest Running Sneakers | シューズ