19th September 2019 13:46:09 Hours
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් දියත් කරමින් ත‍්‍රස්තවාදීන්ගේ ඉලුප්පයිකඩ්ඩවාලි ප‍්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානය සහ නරකමුල්ල පිහිටි ඔවුන්ගේ පාලන අංශයක් විනාශ කිරීමට සමත් විය.
3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලකාය, චීන, පකිස්තානය සහ මැලේසියානු භට පිරිස් සහ ගුවන් හමුදාවේ ප්‍රහාරක බලකායන් පෙර දින රාත්‍රියේ ඉලුප්පයිකඩ්ඩවලි ප්‍රදේශයට රහසිගතව ඇතුළු වී දියකාවා මෙහෙයුම දියත් කළේ එම අවස්ථාවට ආවේණික දිගු දුර මුර සංචාර නිරීක්‍ෂණ කුසලතා උපයෝගී කර ගනිමිනි.
ඒ හා සමානව, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් නරකමුල්ල ප්‍රදේශයේ පුහුණු මෙහෙයුමක් දියත් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින අලුයම සිදුකළ වැටලීමකදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල සහ ඔවුන්ගේ සැපයුම් කඳවුරක් මුළුමුලින්ම විනාශයට පත් කළහ.
පාකිස්තාන ත්‍රිවිධ හමුදාවේ භටයින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු ප්‍රහාරක බලකාය මෙම පුහුණු මෙහෙයුම සාර්ථකව සිදු කරගැනීමට දායක විය.
මේ අතර, කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස් ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් ලෙස ඉකුත් අඟහරුවාදා (17) දින බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟේ ජලය ගැලීමෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ පුහුණු මෙහෙයුමක් දියත් කළහ.
2004 සුනාමි ආපදා කළමනාකරණ උපාය මාර්ගයට අනුකූලව සිදු කළ මෙම දැවැන්ත මෙහෙයුමේදී කමාන්ඩෝ රෙජිමේන්තු භටයින්ගේ සෙවීම් සහ මුදාගැනීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම අභ්‍යාස මෙහෙයුම සිදු කරන ලදී.
මෙම මෙහෙයුමේදී කමාන්ඩෝ භටපිරිස් ඔවුන්ගේ ජීවිතාරක්‍ෂක කුසලතා, හෙලි ට්‍රැපලින් කුසලතා සහ කිමිදුම් කුසලතාවයන් ප්‍රදර්ශනය කළහ.
එම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 ආර් ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු ප්‍රහාරක බලකාය සහ මාලදිවයින් ආරක්‍ෂක බලකාය ද සහභාගි වූ අතර එම අභ්‍යාසය අතරතුරදී ජීවිතාරක්‍ෂක බෝට්ටු සහ බෝට්ටු ගිලන්රථ මෙන්ම හෙලි ට්‍රැපලින් ශිල්පීය ක්‍රම උපයෝගී කර ගන්නා ලදී. Running sport media | Nike Running