Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2019 14:22:01 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සිය 25 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සිය 25 වන සංවත්සරය ඉකුත් සෙනසුරාදා (14) දින මින්නේරිය ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයේ දී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ඕ.අයි.ඩබ්ලිව්. මාදොල වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් මූලස්ථාන පරිශ්‍රයේ දී පරිනමනු ලැබීය.

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ද මුල්ගල තැබීය. Running sport media | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092