Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2019 14:20:01 Hours

59 වන සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති උණුසුම් අයුරින් පිළිගනි

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (18) දින නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදු කරන ලදී.

59 වන සේනාංක මූලස්ථාන වෙත සපැමිණි නව ආඥාපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව 24 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, 59 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම සේනාංක මූලස්ථානයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් නව ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලදී. සේනාංක මූලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට පෙර එතුමන් මෙම අවස්ථාව සංකේවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළ අතර පසුව භටපිරිස් ද ඇමතීය.

සියලුනිල තේපැන් සංග්‍රහයකින් උත්සවයේ කටයුතු අවසන් විය. Sports brands | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5