17th September 2019 21:35:22 Hours
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ඉකුත් සදුදා (16) දින ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු) මූලස්ථානයේ සංචාරයක නිරතවෙමින් එහි කාර්යභාරය සහ රාජකාරී ස්වභාවය පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කළේය.
ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති බ්‍රිගේඩියර් ලක්‍ෂමන් ප්‍රනාන්දු ඇතුළු ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) යටතේ ඇති සියළුම ඒකකයන් හී අණදෙන නිලධාරීන් විසින් මෙම සංචාරය සඳහා නිරතවු ආඥාපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව ඔවුන් වෙත පැවරී ඇති කාර්යභාරය පිළිබඳව එතුමන් වෙත කරුණු පැහැදිලි කළේය.
ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව එතුමන් ක්ෂේත්‍ර චාරිකාවක් ද සිදු කළේය. bridge media | Nike Air Max 270