Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2019 11:15:09 Hours

53 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

දඹූල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ඉකුත් සඳුදා (16) දින එම සේනාංක මූලස්ථානයේ පැවැති සරල උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන්, සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

ඉන් අනතුරුව, 53 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඇමතූ එතුමන් අනාගත සැලසුම් පිළිබඳ පැහැදිලි කළේය. මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු 53 වන සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Running Sneakers | Womens Shoes Footwear & Shoes Online