Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2019 11:00:09 Hours

‘දියවරක අස්වැන්න’ සංස්කෘතික ප්‍රදර්ශනය යුද්ධ හමුදා වෙඩික්කරුවන් සහ විශේෂ බලකා ධාවනපැදිකරුවන් වර්ණවත් කරයි

දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කුරු පුහුණු පාසල වෙතින් ඉදිරිපත් කල සැඟවුණු සංග්‍රාමික යුද භටයින් හා සැඟවුණු වෙඩික්කරුවන්, අවි සමඟ සිටින විශේෂ බලකායේ ධාවනපැදිකරුවන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කල 76 පවුන්ඩර් කාලතුවක්කු වෙඩිමුර සංදර්ශනය සැප්තැම්බර් මස 5 සහ 6 දෙදින පූරා කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගනයේ දී පැවැති යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘දියවරක අස්වැන්න’ සංස්කෘතික ප්‍රදර්ශනය වර්ණවත් කරන ලදී.

දෙදින පූරාම යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කරන ලද මෙම සංස්කෘතික සංදර්ශන පැමිණ සිටි ජනතාවගේ අවධානයට ලක් විය. මීට අමතරව, යුද්ධ හමුදාව වෙත ආධුණික සෙබළුන් බඳවා ගැනීමේ කුටියක් ද මෙහිදී ස්ථාපනය කර තිබිණි.

මෙම සංස්කෘතික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහභාගි විය.

යුද්ධ හමුදා නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයන් 45 දෙනෙකු ඔවුන්ගේ කුසලතා සහ පුහුණු හමුදා උපක්‍රම මගින් සංස්කෘතික ප්‍රදර්ශනයට දායක වූහ. jordan release date | Men’s shoes