17th September 2019 21:20:37 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනිමෙන් පසු මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසල වෙත සිය දෙවන සංචාරය සිදුකරමින් නුදුරේදී පැවැත්වීමට නියමිතව ඇති ‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ වත්මන් තත්ත්වය පිළිබඳ විමර්ශනයක නිරතවිය.
අනතුරුව පැවැත්වීමට නියමිතව තිබු ‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ සම්බන්ධ ප්‍රධාන සාකච්ඡාවට සහභාගීවිමට පෙර එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
ඉන් අනතුරුව සියළුම ඒකකයන් හි අණදෙන නිලධාරීන් සහ වගකිවයුතු නිලධාරීන් වෙත පවරා ඇති වගකීම්වල ප්‍රගතිය පිළිබඳව කර්නල් සේනාවිධායක තුමන් වෙත නිලධාරීන් විසින් පැහැදිලි කිරීමක් සිදු කළේය. පසුව එතුමන් අණදෙන නිලධාරීන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරත විය.
මේජර් ජෙනරාල් සිල්වා ‘Gunners’ ධාවන පථයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත වෙමින් සුවිශේෂි ඉසව්ව සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය ඉදිරි උපදෙස් වගකිවයුතු නිලධාරීන්ට ලබා දුන්නේය. අනතුරුව සංචාරයේ දෙවන අධියර ලෙස එම පුහුණු පාසලේ පවත්වනු ලබන තරුණ නිලධාරී පාඨමාලාව සහ දිගුදුර කාලතුවක්කු මුලික පාඨමාලාව හදාරණ නිලධාරීන් සහ භටපිරිස් ඇමතීය.
දවසේ වැඩසටහන අවසානයේ කර්නල් සේනාවිධායක විසින් මෑතකදී චීනයේ කාලතුවක්කු කණිෂ්ඨ අණදෙන පාඨමාලාව සහ යුධ ටැංකි මිසයිල නාශක පාඨමාලාව හැදෑරූ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ ඉදිරිපත් කිරීමක් ද නැරඹීය.
මේ අතර, මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ඉකුත් සෙනසුරාදා (14) දින 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකය, කන්දකාඩු පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ සේනපුර පිහිටි වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය වෙත සංචාරයක නිරතවිය. එම අවස්ථාවේදී එම කඳවුරු පරිශ්‍රයන් හී සංචාරයේ නිරත කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයකින් ආචාර කරන ලදී. bridgemedia | Nike Shoes