2019-10-26 09:50:53
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු පසුගිය දින කිහිපයේ 22 වන සේනාංකයේ සහ බලසේනා කිහිපයක සිය ප්‍රථම නිල සංචාර සිදු කළ අතර එහිදී, එතුමන් ප්‍රදේශයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ සියලුම ආගමික පූජකවරුන් හමූවිය.
2019-10-25 14:35:18
යුද්ධ හමුදාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ නව පියවරක් ඉදිරියට තබමින් 65 වන සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඉකුත් අඟහරුවාදා (22) දින පල්ලවරයන්කඩ්ඩු, සොලයිනෙලා ගම්මානයේ පැවති කෙටි උත්සවයකදී කජු පැළ 300 ක් සිවිල් වැසියන්ට බෙදාදෙන ලදී.
2019-10-25 13:59:18
පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හි සහයෝගය ඇතිව ඉකුත් අඟහරුවාදා (22) දින අක්කරායන්කුලම් ප්‍රාථමික පාසලේ ගොඩනැගිල්ලක වහලය ප්‍රතිසංස්කරණය කරන ලදී.
2019-10-25 13:55:18
කෘෂිකාර්මික කටයුතු සඳහා ඉරනමඩු වැවෙන් ජලය වෙනත් ප්‍රදේශවලට ගෙන යන කනගරායන් ආරු ජල ප්‍රවාහය පිරිසිදු කර විධිමත්ව සකස් කිරීමේ ප්‍රජා ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (21) දින ආරම්භ විය. මෝසම් වැසි සමය ආරම්භවීමත් සමඟ කනගරායන් ආරු ජල ප්‍රවාහය පිටාර ගැලීමේ...
2019-10-25 13:50:18
හෝකන්දර ප්‍රදේශයේ පිහිටි 8 වන ඉංජිනේරු සේවා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබු කොනොනි සමාජ ශාලාව සහ සෙසුනිල භෝජනාගාරය ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ ගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින විවෘත කරනු ලැබීය.
2019-10-25 13:48:18
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද විශේෂ ආරාධනයකට අනුව 9 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර මානුෂිය නීති විවාද තරඟාවලිය -2019 විනිශ්චය කිරීම සඳහා 14 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධිකරණ) ලුතිනන් කර්නල් නලින් හේරත් සහභාගි විය.
2019-10-25 13:40:18
කලාඔය යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් 95 දෙනෙකු වෙත ජාතික වෘත්තීය නිපුණතා (NVQ Level III) සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (23) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2019-10-25 13:35:18
අනුරාධපුර මුලික රෝහලේ උපදේශක, රුධිර පාරවිලයන හා කායික වෛද්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස උතුරු මැද පළාතේ රෝගීන් සඳහා රුධිරය ලබාදීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (23) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේදී පවත්වනු ලැබීය.
2019-10-24 22:18:12
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයින් දෙදෙනෙක් ඉකුත් බදාදා (23) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී මෙසර්ස් ලූකස් පෙට්‍රිඩිස් (Messrs Loukas Petridis) සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ...
2019-10-24 16:00:46
57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනාවේ 8 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ භට පිරිස් විසින් ඉකුත් සඳුදා (21) දින පනික්කම්කුලම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි ‘ජෝයි’ ළමා නිවාසයට ගොස් එම දරුවන්ට තෑගි පාර්සල් සහ පාසල් උපාංග තොගයක් ලබා දුන්නේය.