Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2019 14:35:18 Hours

651 වන බලසේනාවේ මූලිකත්වයෙන් සිවිල් වැසියන්ට කජූ පැළ බෙදාදෙයි

යුද්ධ හමුදාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ නව පියවරක් ඉදිරියට තබමින් 65 වන සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඉකුත් අඟහරුවාදා (22) දින පල්ලවරයන්කඩ්ඩු, සොලයිනෙලා ගම්මානයේ පැවති කෙටි උත්සවයකදී කජු පැළ 300 ක් සිවිල් වැසියන්ට බෙදාදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලදී. 651 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමත් වරකාගොඩ ගේ අධීක්‍ෂණය සහ සම්බන්ධීකරණය මත එම බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී.

මෙලෙස බෙදාදෙනු ලැබූ කජු පැළ තොගය සොලයිනෙලා ගම්මානයේ පදිංචි කේ. කමලේන්ද්‍රන් මහතා විසින් 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත ලබා දී ඇත.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ. Sneakers Store | Autres