Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2019 13:40:18 Hours

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් 95 දෙනෙකු ජාතික වෘත්තීය නිපුණතා (NVQ Level III) සුදුසුකම් ලබයි

කලාඔය යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් 95 දෙනෙකු වෙත ජාතික වෘත්තීය නිපුණතා (NVQ Level III) සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (23) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එම වෘත්තීය පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබයි.

සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහභාගි විය.

තවද, මෙම අවස්ථාව සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකයින් මෙන්ම නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Best Authentic Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival