Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2019 13:59:18 Hours

පාසල් ගොඩනැගිල්ලේ වහලය ප්‍රතිසංස්කරණයට භටපිරිස්හි සහාය

පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සහයෝගය ඇතිව ඉකුත් අඟහරුවාදා (22) දින අක්කරායන්කුලම් ප්‍රාථමික පාසලේ ගොඩනැගිල්ලක වහලය ප්‍රතිසංස්කරණය කරන ලදී.

ඒ අනුව, ජලය කාන්දුවන වහලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්හ.

හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ද මෙම ගොඩනැගිල්ලේ වහලය ප්‍රතිසංස්කරණය කිරීමට නිර්දේශ කර තිබේ. 652 වන බලසේනාවේ බලසේනාධිපති ගේ සම්බන්ධීකරණයෙන් අක්කරයාන්කුලම් ප්‍රාථමික පාසලේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී. Sportswear Design | Nike Off-White